ඇමසන් ගඟට වෙල්ලක් නොබැදින්නෙ ඇයි..?

Views: 0




 

ඇමසන් ගඟේ ප්‍රධාන දිය පහර හරහා වේල්ලක් ඉදිකිරීම තාක්ෂණිකව කළ හැකි වුවත්, එය ලෝකයේ මෙතෙක් සිදු කරන ලද අසීරුම සහ භයානකම පාරිසරික ව්‍යාපෘතියක් වීමට ඉඩ තිබෙනවා.


ඇමසන් ගඟට වේල්ලක් නොබැඳීමට ප්‍රධාන හේතු කිහිපයක් පහත දැක්වේ..


1. භූගෝලීය බාධාවන්

ඇමසන් ගඟේ වැඩි කොටසක් ගලා යන්නේ ඉතාමත් තැනිතලා(Flat land) සහිත ප්‍රදේශ හරහා. ඉතින් සාමාන්‍යයෙන් වේල්ලක් බැඳීමට නම් ගඟ දෙපස උස් කඳු සහිත පටු නිම්නයක් අවශ්‍ය වෙනවා.(ඇමසන් ගඟ සමහර ස්ථාන වලදී කිලෝමීටර් 11ක් පමණ පළල වෙනවා.වැසි සමයේදී කිලෝමීටර් 40ට වැඩි වෙනවා.ඉතින් වේල්ලක් කෙසේ වෙතත් පාලමක්වත් මෙහි අදවනතුරු ඉදි කරලා නැ.)ඒ වගේම ඇමසන් ගඟේ ප්‍රධාන කොටසේ එවැනි ස්ථාන නොමැති තරම්. ඒ වගේම එහි වේල්ලක් ඉදි කළහොත් විශාල ප්‍රදේශයක් ජලයෙන් යටවීමට ඉඩ තිබෙනවා..


2. අතිවිශාල ජල කඳ

ඇමසන් ගඟ ලෝකයේ වැඩිම ජල පරිමාවක් ගෙන යන ගඟ වෙනවා.. මෙහි ජල පීඩනය පාලනය කළ හැකි වේල්ලක් නිර්මාණය කිරීම අතිශය වියදම් අධික මෙන්ම ඉංජිනේරුමය වශයෙන් ඉතා සංකීර්ණ කාර්යයක්..උදාහරණයක් විදිහට වික්ටෝරියා වේල්ල වාන් දොරටු 8ම විවෘත කලත් පිටවන ජල පරිමාව වෙන්නෙ තත්පරයට ඝණ මීටර් 8200ක් පමණයි.නමුත් ඇමසන් ගඟ සාමාන්‍යයෙන් තත්පරයට ඝණ මීටර් 209,000 ක ජල ප්‍රමාණයක් රැගෙන යනවා.වැසි කාලයට එය තත්පරය ඝණ මීටර් 300,000ක් විතර වෙනවා.. ඉතින් එවැනි ජල පරිමාවක ඔරොත්තු දිය හැකි වේල්ලක් ඉදිකිරීම කල නොහැකි දෙයක්..


3. පාරිසරික විනාශය

ඇමසන් වනාන්තරය ලෝකයේ "පෙනහළු" ලෙස හැඳින්වෙනවා. වේල්ලක් නිසා විශාල වනාන්තර ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන්:

 * ගෝලීය උණුසුම ඉහළ යාම වේගවත් වෙනවා..

 * දස දහස් ගණනක් සත්ව හා ශාක විශේෂ වඳ වී යා හැකියි.

 * මත්ස්‍ය සංක්‍රමණයට බාධා ඇති වෙනවා.

4. රොන්මඩ තැන්පත්වීම

ඇමසන් ගඟ ඇන්ඩීස් කඳුවැටියේ සිට විශාල රොන්මඩ ප්‍රමාණයක් රැගෙන එනවා.. වේල්ලක් ඉදිකළහොත් කෙටි කාලයකින් ජලාශය රොන්මඩ වලින් පිරී ගොස් එහි කාර්යක්ෂමතාව නැති වී යා හැකියි..


කොහොම වුනත් ඇමසන් ගඟේ ප්‍රධාන දිය පහරේ (Main stem) වේලි නොමැති වුවත්, එහි අතු ගංගා (Tributaries) මත දැනටමත් "බෙලෝ මොන්ටේ" (Belo Monte) වැනි විශාල ජල විදුලි බලාගාර ඉදිකරල තියෙනවා.. මේවා පවා දැඩි ජාත්‍යන්තර විවේචනයට ලක්ව තිබෙනවා.


Copy 




HOT DEALS OF THE WEEK

GET FREE SHIPPING!

Use the coupon code below to enjoy FREE DELIVERY on any item from Dinapala Group.

taarruky

Islandwide Delivery Available

FREE DELIVERY

Air Conditioner

FREE DELIVERY

SMART 4K TV

FREE DELIVERY

Laptops

FREE DELIVERY

Mobile Phone

FREE DELIVERY

DOUBLE DOOR FRIDGE

FREE DELIVERY

WASHING MACHINE

FREE DELIVERY

JBL PARTYBOX

FREE DELIVERY

SINGER AIR FRYER

FREE DELIVERY

AIR COOLER

FREE DELIVERY

Microwave Oven

FREE DELIVERY

Rice Cooker

FREE DELIVERY

POWER BLENDER

Post a Comment

0 Comments

/* ---my_AD_CODE --- */
× WhatsApp Icon
Contact for Ads 071 788 8006
/* ---my_AD_CODE--- */ /* ---sINHALA _ENNGLISH--- */
Ayubowan- MegaNews.LK
/* ---sINHALA _ENNGLISH --- */