පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අසාමාන්‍ය ලෙස වෛරස් උණ රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස අධික තද උණ, ඇඟපත වේදනාව, කැස්ස සහ දැඩි විඩාව පෙන්වා දිය හැකිය. පවතින කාලගුණික වෙනස්වීම් සමඟ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව පසුගිය සතියට සාපේක්ෂව 20% කින් පමණ ඉහළ ගොස් ඇත. වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ දින දෙකකට වඩා උණ පවතින්නේ නම්, ස්වයං ප්‍රතිකාර ලබා නොගෙන වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි. විශේෂයෙන් ඩෙංගු රෝගය වැනි තත්ත්වයන් සමඟ පටලවා නොගන්නා ලෙසත්, රුධිර පරීක්ෂණයක් මගින් තත්ත්වය තහවුරු කර ගන්නා ලෙසත් අවධාරණය කෙරේ.
මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා පිරිසිදු මෙන්ම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ ජනාකීර්ණ ස්ථානවල ගැවසීමේදී මුඛ ආවරණ පැළඳීම ඉතා වැදගත් වේ. පාසල් දරුවන් අතර රෝගය පැතිරීම වැළැක්වීම සඳහා උණ පවතින දරුවන් පාසල් එවන්න එපා යැයි බලධාරීන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. සෞඛ්‍ය අංශ පවසන්නේ නිසි සනීපාරක්ෂක පුරුදු අනුගමනය කිරීමෙන් මෙම වෛරසය පාලනය කළ හැකි බවයි.












0 Comments