ට්‍රම්ප්ගෙන් තවත් ප්‍රහාරයක අවසන් නිවේදනය! | Trump Warns of a Second Strike on Venezuela!

Views: 0
Nicolas Maduro being escorted by U.S. federal agents in New York, January 5, 2026.

වෙනිසියුලානු නායකයාගේ ඉරණම අද තීරණය වෙයි!

පසුගිය ජනවාරි 03 වනදා ඇමරිකානු 'ඩෙල්ටා ෆෝස්' (Delta Force) බලකාය විසින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (ජනවාරි 05) නිව්යෝර්ක් හි මෑන්හැටන් ෆෙඩරල් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මත්ද්‍රව්‍ය ජාවාරම්, ත්‍රස්තවාදයට උදව් කිරීම සහ ආයුධ චෝදනා රැසක් ඔවුන්ට එරෙහිව ගොනු කර ඇත. මේ වන විට මදුරෝ බෘක්ලින් හි දැඩි ආරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින අතර, අද දහවල් 12ට (ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.30ට පමණ) ඔහු විනිසුරු ඇල්වින් හෙලර්ස්ටයින් හමුවේ පෙනී සිටිනු ඇත.

ට්‍රම්ප්ගෙන් නව අනතුරු ඇඟවීමක් 

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද උදෑසන විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, වෙනිසියුලාවේ දැනට සිටින පාලකයන් ඇමරිකාවේ ඉල්ලීම්වලට එකඟ නොවන්නේ නම් "දෙවන ප්‍රහාරයක්" (Second Strike) එල්ල කිරීමට තම හමුදාව සූදානම් බවයි. "වෙනිසියුලාව දැන් පවතින්නේ අපේ පාලනය යටතේ. ඔවුන් අපට අවශ්‍ය දේ නොකළහොත් තත්ත්වය මීට වඩා දරුණු විය හැකියි" යනුවෙන් ඔහු අනතුරු ඇඟවීය. විශේෂයෙන්ම වෙනිසියුලාවේ තෙල් සම්පත ඇමරිකානු සමාගම් වෙත විවෘත කිරීම සහ මත්ද්‍රව්‍ය පාලනය මෙහි ප්‍රධාන ඉල්ලීම් වේ.

වෙනිසියුලාවේ වත්මන් තත්ත්වය 

මදුරෝගේ අත්අඩංගුවට ගැනීමෙන් පසු උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරයි. ඇය ඇමරිකාව සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳා ගැනීමට කැමැත්ත පළ කර තිබුණද, එරට හමුදාව සහ ජනතාව අතර තවමත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් පවතී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද අද දිනයේදී මෙම අර්බුදය පිළිබඳව හදිසි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.


The Fate of the Venezuelan Leader Decided Today!

Deposed Venezuelan President Nicolás Maduro and his wife, Cilia Flores, captured by U.S. Delta Force on January 3, are set to make their first court appearance today, January 5, 2026, in a Manhattan federal court. They face multiple charges, including narco-terrorism conspiracy, cocaine importation, and weapons violations. Maduro is currently held at the Metropolitan Detention Centre in Brooklyn and is scheduled to appear before Judge Alvin Hellerstein at noon today.

Trump’s Stern Warning 

U.S. President Donald Trump issued a fresh warning this morning, stating that the U.S. is prepared to launch a "second strike" if the remaining members of the Venezuelan administration do not cooperate. "We are in charge now. If they don’t behave, we will strike again," Trump stated, emphasising the need for total access to Venezuela's oil reserves and a crackdown on drug trafficking.

Venezuela in Limbo 

While Interim President Delcy Rodríguez has called for a respectful relationship with the U.S., the country remains in political uncertainty. Protests have erupted in Caracas, and the UN Security Council is meeting today to deliberate on the legality of the U.S. military intervention.


HOT DEALS OF THE WEEK

GET FREE SHIPPING!

Use the coupon code below to enjoy FREE DELIVERY on any item from Dinapala Group.

taarruky

Islandwide Delivery Available

FREE DELIVERY

Air Conditioner

FREE DELIVERY

SMART 4K TV

FREE DELIVERY

Laptops

FREE DELIVERY

Mobile Phone

FREE DELIVERY

DOUBLE DOOR FRIDGE

FREE DELIVERY

WASHING MACHINE

FREE DELIVERY

JBL PARTYBOX

FREE DELIVERY

SINGER AIR FRYER

FREE DELIVERY

AIR COOLER

FREE DELIVERY

Microwave Oven

FREE DELIVERY

Rice Cooker

FREE DELIVERY

POWER BLENDER

Post a Comment

0 Comments

/* ---my_AD_CODE --- */
× WhatsApp Icon
Contact for Ads 071 788 8006
/* ---my_AD_CODE--- */ /* ---sINHALA _ENNGLISH--- */
Ayubowan- MegaNews.LK
/* ---sINHALA _ENNGLISH --- */