සමහර පුවත් තියෙනවා අපේ හදවත පහුරු ගාන, හුස්ම ගන්නත් අමතක කරවන තරම් බරපතල. මේ කතාව ඇහෙන්නේ කෑගල්ලෙන්.
පියා අහිමි වෙලා, තේ වත්තේ දළු නෙළන අම්මගෙයි, කොළඹ රස්සාවක් කරන අයියගෙයි හීනවලට පණ දෙන්න පොත් බෑග් එක කරේ දාගෙන ඉස්කෝලේ ගිය 16 හැවිරිදි ඒ මල් කැකුළ අද දරුවෙක් ප්‍රසූත කරලා. හැබැයි ඇය ඒ දරාගත නොහැකි ශාරීරික වේදනාවත් එක්කම විභාග ශාලාවට යනවා. ඒ ඇයගේ හයිය නෙමෙයි, ජීවිතේ තියෙන අන්ත අසරණකම. ප්‍රේමය නාමයෙන් ඇයට ලැබුණු ඒ තෑග්ග ඇයව හිරගෙයකට නොවුවත්, ඇයව සමාජයේ නිරුවත් කර අවසානයි.
බාලවයස්කාර දැරියක් මවක් වෙද්දී ඒ පිටුපස තියෙන නීතියේ වගකීම වගේම, අපේ රටේ ලිංගික අධ්‍යාපනයේ තියෙන හිස්තැනත් මේ කතාවෙන් මනාව පේනවා. අපේ රටේ දරුවන් මෙවැනි අගාධයන්ට වැටෙන තුරු බලා සිටින සමාජයක් ලෙස අප සියලු දෙනා මේ ඛේදවාචකයට වගකිව යුතුයි. ඇයට බනින්න කලින්, ඇයව මේ තත්ත්වයට ඇද දාපු සමාජ ක්‍රමය ගැන අපි හිතන්න ඕනේ. 16ට අඩු දැරියක් මවක් වෙද්දී ඒක අකුරක් නෑර නීතියෙන් දඬුවම් ලැබිය යුතු අපරාධයක් වුණත්, ඒ දඬුවමෙන් මේ දැරියගේ නැතිවුණු ළමා කාලය ආයෙත් කවුරුන් හෝ ලබා දෙයිද?













0 Comments