කලාපීය දේශපාලනය සහ ආරක්ෂාව දැඩි අර්බුදයකට පත් කරමින් පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයට එරෙහිව නිල වශයෙන් විවෘත යුද්ධයක් ප්‍රකාශයට පත් කර තිබේ.
පසුගිය මාස කිහිපය පුරා දේශසීමා ආසන්නයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය සහ ත්‍රස්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පාලනය කිරීමට ඇෆ්ගනිස්ථාන තලේබාන් පාලනය අපොහොසත් වීම මෙම තීරණයට හේතු වී ඇත.
පාකිස්ථාන රජය පවසන්නේ සිය රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනු පිණිස ඇෆ්ගනිස්ථානය තුළ පවතින ත්‍රස්ත කඳවුරු ඉලක්ක කර ගනිමින් දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කරන බවයි. මේ වන විටත් දේශසීමා ආසන්නයට බර අවි සහ දහස් සංඛ්‍යාත පාකිස්ථාන සෙබළුන් කැඳවා ඇති අතර, ගුවන් ප්‍රහාර මාලාවක්ද ආරම්භ වී ඇති බව වාර්තා වේ.
මෙම යුදමය තත්ත්වය හේතුවෙන් දකුණු ආසියානු කලාපයේ බලවතුන් දැඩි විමසිල්ලෙන් පසුවන අතර මෙය තෙවන ලෝක යුද්ධයක පෙරනිමිත්තක් විය හැකි බවටද ඇතැම් දේශපාලන විචාරකයින් මත පළ කරති












0 Comments