ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන දැවැන්ත ගල් අඟුරු වංචාව පිළිබඳව දේශපාලන පක්ෂ සහ නායකයින් දැනුවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් පාඨලී චම්පික රණවක මහතා විසින් ආරම්භ කර තිබේ.
පසුගිය පෙබරවාරි 17 වන දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ ඒ මහතා, දැන් එම වංචාවේ තොරතුරු රටේ ප්‍රධාන දේශපාලන නායකයින් වෙත රැගෙන යමින් සිටියි.
ඒ අනුව අද (26) දිනයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය හමු වූ රණවක මහතා, ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සහ ඉන් රජයට සිදුවූ පාඩුව පිළිබඳව ඇයව දීර්ඝ ලෙස දැනුවත් කර ඇත.
මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැන මෙහිදී සාකච්ඡා වී තිබේ.













0 Comments