හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 300ක (මිලියන 30ක) මුදලක් සම්බන්ධයෙන් එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණ චෝදනාවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.
විමර්ශන කටයුතු සැකකාරිය අද දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලිවලට අනුව දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගත් බව කොමිසම පවසයි.
අධිකරණ ක්‍රියාමාර්ග අත්අඩංගුවට ගත් චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අද දිනයේම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
හිටපු අමාත්‍යවරයාද දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව පසුවන පසුබිමක ඔහුගේ පවුලේ සාමාජිකයෙකු මෙලෙස අත්අඩංගුවට පත්වීම විශේෂත්වයකි.













0 Comments