ලෝකයම කැළඹූ පුවතක් නිකුත් කරමින් ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර සිටියේ, ඉස්ලාමීය විප්ලවයේ උත්තරීතර නායක අයතුල්ලා සෙයිද් අලි හොසේනි කමේනි දිවි පිදූ (Martyred) බවයි.
මෙම හදිසි අභාවයත් සමඟ ඉරානය පුරා දින 40ක ශෝක කාලයක් සහ දින 7ක රජයේ නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
අයතුල්ලා කමේනි යනු වසර 35කට අධික කාලයක් ඉරානයේ පරම බලය හෙබවූ නායකයා වන අතර, ඔහුගේ මරණය සිදුවූයේ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර ඉරානය දෙසට එල්ල වෙමින් පවතින ඉතා තීරණාත්මක මොහොතකයි.
ඔහුට උපහාර පිණිස ඉරානය පුරා කළු කොඩි ඔසවා ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාව වීදි බැස සිය ශෝකය පළ කරමින් සිටිති.
ආරක්ෂක විචාරකයන් පවසන්නේ නායකයාගේ අභාවයෙන් පසු ඉරාන හමුදාව සහ IRGC බලකාය දැඩි කෝපයකින් පසුවන බැවින්, ඔවුන් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව මෙතෙක් එල්ල කළ දරුණුතම "අවසන් ප්‍රතිප්‍රහාරය" දියත් කිරීමට ඉඩ ඇති බවයි.
නායකත්වයේ ඇති වූ මෙම හිඩැස පුරවන්නේ කවුද යන්නත්, ඉරානයේ ඉදිරි යුද උපායමාර්ග මොනවාද යන්නත් දැන් මුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත












0 Comments