(අප්‍රේල් 16) පස්වරුවේ නිකවැරටිය, කුරටියාගහමුල ප්‍රදේශයේදී දැදුරු ඔයේ දිය නෑමට ගිය පිරිසක් දියේ ගිලීමෙන් බරපතළ අනතුරක් සිදුව තිබේ. පොලිස් වාර්තා සඳහන් කරන පරිදි පුද්ගලයන් 15 දෙනෙකුගෙන් යුත් පිරිසක් දිය නෑමට ගොස් ඇති අතර ඉන් 10 දෙනෙකු දිය වැලට හසුවී ගසාගෙන ගොස් ඇත.
දියේ ගිලුණු පිරිස අතරින් පුද්ගලයන් දෙදෙනෙකුගේ මළසිරුරු මේ වන විටත් සොයාගෙන ඇති අතර, තවත් දෙදෙනෙකු බේරාගෙන රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබේ. කෙසේ වෙතත්, මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බව පොලිසිය තහවුරු කරයි.
අතුරුදන් වූ 6 දෙනා සොයා නිකවැරටිය පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විටත් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත. පවතින වර්ෂා සහිත කාලගුණයත් සමඟ දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබීම සහ ජලයේ පවතින කළඹිබු ස්වභාවය සෝදිසි මෙහෙයුම්වලට දැඩි බාධාවක් එල්ල කර තිබේ.
අලුත් අවුරුදු සමයේ මෙවැනි දිය නෑමේ අනතුරු ඉහළ යන බැවින්, නොදන්නා සහ අනතුරුදායක ස්ථානවල දිය නෑමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.












0 Comments