අමාත්‍ය ලාල්කාන්තගේ වත්කම් ගැන හිරු ප්‍රවෘත්ති කළ ප්‍රකාශය නිවැරදි වෙයි! කෝටි 46 නෙවෙයි කෝටි 8යි - නීතිඥ එන්තරවාසියෙන් පසු වූ වෙනස මෙන්න!

Views: 0

 

Minister K. D. Lalkantha speaking at a press conference regarding his assets and liabilities declaration April 2026 MegaNews.lk
අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්තගේ වත්කම් - බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති විසින් සිදුකළ වාර්තාකරණය නිවැරදි නොවන බව දන්වමින් අමාත්‍යවරයාගේ නීතිඥවරයා අප වෙත එන්තරවාසියක් එවා තිබෙනවා.

එම එන්තරවාසිය මගින් දන්වා ඇත්තේ එදින අප වාර්තා කළ අමාත්‍යවරයාගේ සුරැකුම්පත්වල වටිනාකම සහ වත්කම්වල මුළු දළ වටිනාකම නිවැරදි නොවන බවටයි.

කෙසේ වෙතත් යම් කරුණක් නිවැරදි කිරීමේ අයිතිය යටතේ හිරු ප්‍රවෘත්ති එම වටිනාකම් පිළිබඳ යළි ගණනය කර සිදුකරන නිවැරදි කිරීමයි මේ.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් 2024 සහ 2025 වර්ෂයට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී තිබූ තමන්ගේ සහ පවුලේ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශය පසුගිය 16 වැනිදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළා.

එම වත්කම් හා බැරකම් ප්‍රකාශය අනුව නිශ්චල දේපළ ලෙස තෑගි ඔප්පුවලින් හිමිවූ රුපියල් ලක්ෂ 60 ක වටිනාකමකින් යුත් වර්ග අඩි 2,500 ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 10 ක ඉඩමක්, රුපියල් ලක්ෂ 25 ක වටිනාකමකින් යුත් ස්ථීර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20 ක ඉඩමක්, රුපියල් ලක්ෂ 560 ක වටිනාකමකින් යුත් වර්ග අඩි 4,500 ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14 ක ඉඩමක් ඉදිරිපත් කර තිබුණා.

ඊට අමතරව පසු උරුමයෙන් හිමිවූ රුපියල් ලක්ෂ 25 ක වටිනාකමකින් යුත් රූඩ් 2 යි පර්චස් 7.26 ක වර්ග අඩි 1,500 ක නේවාසික ගොඩනැගිල්ලක් සහ වාණිජ ගොඩනැගිල්ලක් ද සිය නිශ්චල දේපළ ලෙස ද ඔහු ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම චංචල දේපළ ලෙස දක්වා තිබුණේ රුපියල් ලක්ෂ 16 ක වටිනාකමින් යුත් පවුම් 8 ක රන් ආභරණ සහ රුපියල් ලක්ෂ 30 ක විටිනාකමකින් යුත් රත්රන් ග්‍රෑම් 120 ක් සහ රුපියල් ලක්ෂ 45 ක වටිනාකමකින් යුත් මෝටර් රථයක්.

එමෙන්ම අමාත්‍යවරයා වැටුප් මගින් වාර්ෂිකව උපයන ආදායම ලෙස රුපියල් හත් ලක්ෂ තිස් අටදහස් නවසිය දහ අටයි ශත දහසයක්, දේපළ බදු දීමෙන් ලබන ආදායම ලෙස රුපියල් ලක්ෂ හතරක් සහ විශ්‍රාම වැටුප් ලෙස රුපියල් හත් ලක්ෂ හැත්තෑ එක් දහස් හාරසීයක මුදලක් ලබන බව ද අප වාර්තා කළා.

මීට අමතරව වත්කම් - බැරකම් ප්‍රකාශය අනුව ස්ථාවර තැන්පතු මගින් වාර්ෂිකව උපයන ලද ආදායම ලෙස රුපියල් විසි හත් ලක්ෂ පනස් පන්දහස් අටසිය පනස් එකයි ශත අනූ හතක් සහ වර්තමාන රැකියාව ලෙස දක්වමින් වාර්ෂිකව රුපියල් දහ අට ලක්ෂයක් දක්වා ඇතැයි එදින අප වාර්තා කර තිබුණා.

මෙම වත්කම් සහ බැරකම් වාර්තාකරණයේදී කිසිදු දෝෂයක් සඳහන් නොවන බව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබූ වත්කම් - බැරකම් ප්‍රකාශයේ කරුණු අනුව පෙනී යනවා.

නමුත් අමාත්‍යවරයාගේ නීතිඥවරයා විසින් අප වෙත එවන ලද එන්තරවාසිය මගින් දන්වා ඇත්තේ එදින අප වාර්තා කළ අමාත්‍යවරයාගේ සුරැකුම්පත්වල වටිනාකම සහ වත්කම්වල මුළු දළ වටිනාකම නිවැරදි නොවන බවටයි.

එදින අමාත්‍යවරයා සතු සුරැකුම්පත්වල මුළු වටිනාකම රුපියල් තිස් අට කෝටි තිස් නව ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතලිහක් ලෙස සඳහන්ව තිබුණේ ගණනය කිරීමේදී සිදුවූ දෝෂයකින් බව හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙනවා.

ඒ අනුව අදාළ වත්කම් - බැරකම් ප්‍රකාශය අනුව එම සුරැකුම්පත්වල මුළු වටිනාකම රුපියල් එක්ලක්ෂ හතළිස් තුන් දහස් හාරසිය හැත්තෑපහයි ශත අටක් ලෙස නිවැරදි විය යුතු වනවා.

මීට අමතරව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති වත්කම්වල මුලු‍ දළ වටිනාකම රුපියල් හතලිස් හය කෝටිය ඉක්මවන බවට එදින වාර්තා කළේ ගණනය කිරීමේ දෝෂයකින් බව හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති වත්කම්වල මුළු දළ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 8 ඉක්මවනවා.

මේ අනුව අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත වෙත සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කනගාටුව පළ කර සිටින අතර, අද අප මෙම ප්‍රවෘත්තිය පළ කරනු ලබන්නේ මාධ්‍ය සතු නිවැරදි කිරීමේ අයිතිය යටතේයි.

HOT DEALS OF THE WEEK

GET FREE SHIPPING!

Use the coupon code below to enjoy FREE DELIVERY on any item from Dinapala Group.

taarruky

Islandwide Delivery Available

FREE DELIVERY

Air Conditioner

FREE DELIVERY

SMART 4K TV

FREE DELIVERY

Laptops

FREE DELIVERY

Mobile Phone

FREE DELIVERY

DOUBLE DOOR FRIDGE

FREE DELIVERY

WASHING MACHINE

FREE DELIVERY

JBL PARTYBOX

FREE DELIVERY

SINGER AIR FRYER

FREE DELIVERY

AIR COOLER

FREE DELIVERY

Microwave Oven

FREE DELIVERY

Rice Cooker

FREE DELIVERY

POWER BLENDER

Post a Comment

0 Comments

/* ---my_AD_CODE --- */
× WhatsApp Icon
Contact for Ads 071 788 8006
/* ---my_AD_CODE--- */ /* ---sINHALA _ENNGLISH--- */
Ayubowan- MegaNews.LK
/* ---sINHALA _ENNGLISH --- */