මැද පෙරදිග යලි ගිනි ඇවිලෙයි ද?

Views: 0


ඉරාන යුද්ධයට තිරසාර සාමයක් උදාකරගැනීමට පාකිස්තානයේ මැදිහත්වීමෙන් එරට ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වුණු සාම සාකච්ඡා විසඳුමකින් තොරව නිමාවී තිබේ.
මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ ඉහළ මට්ටමේ සාම සාකච්ඡාවක් ඊයේ ඉස්ලාමාබාද් නුවරදී ආරම්භ වුණේ පාකිස්තානයේ මැදිහත්වීමෙනි.

අමෙරිකානු පාර්ශ්වය නියෝජනය කරමින් උප ජනාධිපති J D වෑන්ස්, ස්ටීව් විට්කොෆ් සහ ජෙරාල්ඩ් කුෂ්නර් ඇතුළු කණ්ඩායමක් ඊට එක්ව සිටි අතර මෙහිදී ඉරානය නියෝජනය කළේ කථානායක මොහොමඩ් ගලිබාෆ් සහ විදෙස් කටයුතු ඇමති අබ්බාස් අරාචි ද ඇතුළු නියෝජිතයින් පිරිසක් ය.
පැය 21ක් පුරා වට කිහිපයක් යටතේ පැවැති සාකච්ඡාවලට තම රට වඩාත් යහපත් චේතනාවකින් ඉදිරිපත් වූ නමුත්, කිසිදාක න්‍යෂ්ටික අවියක් නිපදවන්නේ නැති බවට සහතිකයක් ලබාදීමට ඉරානය අපොහොසත් වූ බව අමෙරිකාව පවසා තිබේ.

අමෙරිකාවේ කොන්දේසි ඉතාමත් අසාධාරණ නමුත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයකට සිය දොරඟුළු විවෘත බවත් ඉරානය පවසා ඇත.
කෙසේ නමුත් ගැටුම් සමනය කර සාමය උදාවීම යුද්ධයකට මුලපිරීම තරම් පහසු නොවන බවට පසක් කරමින් මෙම සාකච්ඡා අසාර්ථක වී තිබේ.

ඊයේ (11) උදෑසන සිට අද අළුයම දක්වා සාකච්ඡා වට කිහිපයක් යටතේ පැය 21ක් පුරා පැවති සාකච්ඡා පැහැදිලි විසඳුමකින් තොරව අවසන් වූ බවට අමෙරිකා උප ජනාධිපති JD වෑන්ස් අනාවරණ කළේය.
අමෙරිකානු උප ජනාධිපති J.D.වෑන්ස් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ,

"හොඳ පුවත තමා අපි ඉරානය සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවා. නරක පුවත තමා අපිට එකඟතාවකට එන්න බැරිවුණා. මං හිතන්නේ ඒක අපිට වඩා නරක පුවතක් වෙන්නේ ඉරානයට අපි පැහැදිලිව පැවසුවත්, ඔවුන් අපේ කොන්දේසි පිළිනොගැනීම තීරණය කළා. මම සියල්ල කියන්න යන්නේ නැහැ. පැය 21ක් පෞද්ගලිකව සාකච්ඡා කරලා, ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්නත් මට අවශ්‍ය නැහැ. ඔවුන් න්‍යෂ්ටික අවියක් නිපදවන්නේ නැහැ කියලා අපිට පැහැදිලි සහතිකයක් අවශ්‍යයි. එවන් අවියක් කඩිනමින් නිපදවීම අවශ්‍ය අමුද්‍රව්‍ය හදන්නේ නැහැ කියලා. අපි සාකච්ඡාවලින් ලබාගන්න හැදුවේ එම විසඳුමයි. ඔවුන් සතුව තිබූ න්‍යෂ්ටික වැඩබිම් වැනසී අවසන්. නමුත් අපිට අවශ්‍ය න්‍යෂ්ටික අවියක් නිපදවන්නේ නැති බවට මූලික චේතනාවක් ඉරානය සතුව තියෙනවද කියන එක දකින්න. අපි තවම එවන්නක් දැක නැහැ. එසේ වේවා කියලා හිතනවා. ජනාධිපතිතුමා අපිට කිව්වා, යහපත් සිතකින් ඇවිත්, එකඟතාවකට එන්න උත්සහ කියලා. අපි ඒක කළා අවාසනාවට අපිට සාර්ථක වෙන්න බැරිවුණා අපි සාකච්ඡා අතර ජනාධිපතිතුමා සමඟ දිගින් දිගටම කතා කළා. ගෙවුණු පැය 21 තුළ අවස්ථා කීයකදී කතා කළාද මතක නැහැ. අපි සාකච්ඡා කළේ හොඳ හිතින්, අපි යන්නේ සරල යෝජනාවක් එක්ක අපේ අවසන් හා හොඳම යෝජනාව අපි අතර අවබෝධයක් ඇතිකරගැනීම. ඉරානය එය පිළිගනියිද බලමු"

මේ අතර සාකච්ඡා අවසන් කළ අමෙරිකානු ධූත පිරිස Air Force 2 යානයෙන් නැවත අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් ඉරාන විදෙස් කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකවරයා පවසන්නේ කරුණු කිහිපයක් සම්බන්ධව සාකච්ඡා අතරතුර එකඟතාවකට පැමිණි නමුත්, ඇතැම් කොන්දේසි සම්බන්ධව එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බවයි.

පළමු සංවාදයේදීම යුද්ධය විසඳුමක් ලැබෙතැයි තමන් අපේක්ෂා නොකළ බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ නමුත් ඉදිරිපත් කර ඇති කොන්දේසි අසාධාරණ, අයුක්තිසහගත බවටත් ඉරානය චෝදනා කරයි.
මේ අතර පාකිස්තානය පවසන්නේ, අමෙරිකානු - ඉරාන සාකච්ඡා ඉදිරියටත් සිදුවීම ඉතාමත් වැදගත් බවයි.
මොහොමඩ් ඉෂක් ඩාර් - පාකිස්තාන විදෙස් කටයුතු ඇමති මොහොමඩ් ඉෂක් ඩාර් ප්‍රකාශ කළේ,
"දිගුකාලීන සාමයක් සහ සමෘද්ධියක් අත්පත් කරගැනීමට දෙපාර්ශ්වයම සිය ධනාත්මක කැපවීම පෙන්නුම් කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා සටන්විරාමය අඛණ්ඩව පවත්වාගැනීමට දෙපාර්ශ්වයම කැපවීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ඉරාන ඉස්ලාමීය ජනරජය සහ අමෙරිකාව අතර සාකච්ඡා සඳහා ඉදිරියටත් මැදිහත්වීමට පාකිස්තාන සූදානම්" බවයි.

HOT DEALS OF THE WEEK

GET FREE SHIPPING!

Use the coupon code below to enjoy FREE DELIVERY on any item from Dinapala Group.

taarruky

Islandwide Delivery Available

FREE DELIVERY

Air Conditioner

FREE DELIVERY

SMART 4K TV

FREE DELIVERY

Laptops

FREE DELIVERY

Mobile Phone

FREE DELIVERY

DOUBLE DOOR FRIDGE

FREE DELIVERY

WASHING MACHINE

FREE DELIVERY

JBL PARTYBOX

FREE DELIVERY

SINGER AIR FRYER

FREE DELIVERY

AIR COOLER

FREE DELIVERY

Microwave Oven

FREE DELIVERY

Rice Cooker

FREE DELIVERY

POWER BLENDER

Post a Comment

0 Comments

/* ---my_AD_CODE --- */
× WhatsApp Icon
Contact for Ads 071 788 8006
/* ---my_AD_CODE--- */ /* ---sINHALA _ENNGLISH--- */
Ayubowan- MegaNews.LK
/* ---sINHALA _ENNGLISH --- */