ඇපල් (Apple) සමාගම යනු ලොව ඉහළම දත්ත ආරක්ෂාවක් (Privacy) සපයන ආයතනයකි. මේ නිසාම ඇපල් දුරකථනයක හිමිකරු මියගිය පසු එහි ඇති දත්ත ලබාගැනීම පවුලේ සාමාජිකයන්ට පවා දැඩි අභියෝගයක් වේ. මියගිය පුද්ගලයාගේ Passcode එක (මුරපදය) දන්නේ නැතිනම්, එම දත්ත බැලීමට Apple සමාගමටවත් හැකියාවක් නැත. නමුත් මෙවැනි අවස්ථාවකදී දත්ත ලබාගැනීම සඳහා Apple සමාගම විසින් හඳුන්වා දී ඇති නීත්‍යානුකූල ක්‍රමවේද කිහිපයක් තිබේ.
මෙහි ඇති වැදගත්ම පහසුකම වන්නේ "Legacy Contact" හෙවත් උරුමකරු පත් කිරීමේ ක්‍රමයයි. යම් පුද්ගලයෙකු ජීවත්ව සිටියදී තම Apple ID එකට උරුමකරුවෙකු ඇතුළත් කර තිබුණේ නම්, ඔහු මියගිය පසු එම උරුමකරුට ලබාදෙන විශේෂ Access Key එකක් සහ මරණ සහතිකය ඉදිරිපත් කිරීමෙන් පසුව පින්තූර, පණිවිඩ සහ iCloud දත්ත ලබාගත හැකිය. මෙය ඔබ ජීවත්ව සිටියදීම කළ යුතු වැදගත් ආරක්ෂණ ක්‍රියාවලියකි.
එවැනි උරුමකරුවෙකු පත් කර නොමැති නම්, පවුලේ සාමාජිකයන්ට මියගිය පුද්ගලයාගේ දත්ත ලබාගැනීමට උසාවි නියෝගයක් (Court Order) ඉදිරිපත් කිරීමට සිදුවේ. එම නියෝගයේ මියගිය පුද්ගලයාගේ නම සහ Apple ID එක සඳහන් විය යුතු අතර, ඉල්ලුම්කරු ඔහුගේ නීත්‍යානුකූල උරුමකරු බව තහවුරු විය යුතුය.
කෙසේ වෙතත්, එවැනි අවස්ථාවකදී පවා Passcode එක ඉවත් කර දුරකථනය Unlock කිරීමට Apple සමාගමට නොහැකි අතර, ඔවුන් කරන්නේ iCloud හි ඇති දත්ත පමණක් ලබාදීමයි.
යම් හෙයකින් ඔබට එම දුරකථනය නැවත භාවිතයට ගැනීමට අවශ්‍ය නම්, පවතින දත්ත සියල්ල මකා දමා (Erase) එය අලුත් දුරකථනයක් ලෙස සකස් කළ හැකිය. මේ සඳහා මරණ සහතිකය සහ මිලදී ගත් රිසිට්පත් Apple ආයතනයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් එහි ඇති Activation Lock එක ඉවත් කර දෙනු ඇත.












0 Comments