මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ බියක් : විශේෂ කාර්ය බළකාය කැඳවයි| Bomb Scare at Kandy District Secretariat: STF Deployed to the Scene
 |
AI Image
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ බෝම්බයක් ඇති බවට ලැබුණු නිර්ණාමික ඊ-මේල් පණිවුඩයක් හේතුවෙන් අද (26) එම පරිශ්‍රය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
සිද්ධිය වාර්තා වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ පොලීසිය, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ආරක්ෂක තත්ත්වය තර කරමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද එම ස්ථානයට කැඳවා ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපැල් (E-mail) ලිපිනය වෙත බෝම්බයක් ඇති බවට තර්ජනාත්මක පණිවුඩයක් ලැබී ඇත.
මේ වන විට එම පණිවුඩයේ සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කරමින් පවතින අතර, කාර්යාලය තුළ සිටි පිරිස් සහ මහජනතාව ඉවත් කර ආරක්ෂිත පියවර ගනිමින් පරිශ්‍රය පුරා දැඩි සෝදිසි කිරීම් සිදු කෙරේ.
පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව මෙම මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කරන අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ උපරිම පියවර ගෙන ඇත.
Copy - newshub |
FREE DELIVERY
Air Conditioner
FREE DELIVERY
SMART 4K TV
FREE DELIVERY
Laptops
FREE DELIVERY
Mobile Phone
FREE DELIVERY
DOUBLE DOOR FRIDGE
FREE DELIVERY
WASHING MACHINE
FREE DELIVERY
JBL PARTYBOX
FREE DELIVERY
SINGER AIR FRYER
FREE DELIVERY
AIR COOLER
FREE DELIVERY
Microwave Oven
FREE DELIVERY
Rice Cooker
FREE DELIVERY
POWER BLENDER
තවත් පුවත් කියවන්න:
පුවත් පූරණය වෙමින් පවතී...
0 Comments