අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගෙන් ප්‍රශ්න කිරීම සඳහා CIDයට පැය 72ක රැඳවුම් නියෝගයක් ලබා දී තිබෙනවා.
යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් 2019 වර්ෂයේදී වැලිවේරියේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ඊයේ අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගෙන් ලද තොරතුරකට අනුව අදාළ ගිනි අවිය සොයාගෙන ඇති අතර, විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම අවිය නීත්‍යානුකූලව හිටපු අමාත්‍යවරයාට ලබාදී තිබූ එකක් බවයි.
මෙම තොරතුරු ලබාගත් අපරාධ කල්ලි සාමාජිකයා මාකදුරේ මදූෂ්ගේ පාර්ශ්වයේ අයෙකු බවටද තොරතුරු වාර්තා වනවා.
Copy













0 Comments