දැන් වෙළඳපොළේ තියෙන පෝන්වල ලස්සනට විතරක් රැවටිලා පෝන් එකක් ගත්තොත් ටික දවසකින් පසුතැවෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා පෝන් එකක් ගන්න කලින් මේ තාක්ෂණික කරුණු 5 ගැන සැලකිලිමත් වෙන්න:
- Processor (චිප්සෙට් එක): පෝන් එකක වේගය තීරණය කරන්නේ මේකයි. අඩුම තරමේ Snapdragon 6 series හෝ MediaTek Dimensity series එකක ප්‍රොසෙසරයක්වත් තිබීම වැදගත්.
- Display Type: LCD තිරවලට වඩා AMOLED හෝ Super AMOLED තිරවල වර්ණ සහ පැහැදිලිකම වැඩියි. බැටරි ආයු කාලයත් මේ නිසා ඉතිරි වෙනවා.
- Battery & Charging Speed: දැන් කාලේ අවම 5000mAh බැටරියක්වත් තියෙන්න ඕනේ. ඒ වගේම 33W වලට වඩා වැඩි වේගවත් චාජ් කිරීමේ (Fast Charging) පහසුකම තියෙනවාද බලන්න.
- Software Updates: පෝන් එකක් ගත්තට පස්සේ අවුරුදු 2ක් හෝ 3ක් වත් Android Updates ලැබෙනවාද කියලා සොයා බලන්න. (Samsung සහ Google පෝන් මේ අතින් ඉදිරියෙන් ඉන්නවා).
- Camera Sensor: මෙගාපික්සල් (MP) ගණනට වඩා සෙන්සර් එකේ කොලිටිය බලන්න. පුළුවන් නම් Sony හෝ Samsung සෙන්සර් තියෙන කැමරා පද්ධතියක් තෝරාගන්න.












0 Comments