ඇෆ්ගනිස්ථාන-පකිස්ථාන දේශසීමාවේ පවතින දරුණු ගැටුම් අතරතුර පකිස්ථානය එල්ල කළ ප්‍රබල ගුවන් ප්‍රහාරයකින් තලේබාන් පාලනයේ වැඩබලන උසස් අධ්‍යාපන අමාත්‍ය නෙඩා මොහොමඩ් නදීම් (Neda Mohammad Nadeem) මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශේෂම කරුණ වන්නේ ඔහු තලේබාන් උත්තරීතර නායකයාගේ සමීපතම ඥාතියෙකු (බෑණා) වීමයි.
මේ දක්වා තලේබාන් නායකත්වය විසින් මේ පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, මෙම සිදුවීමත් සමඟ දෙරට අතර මිලිටරි අර්බුදය උපරිම තලයකට පැමිණ තිබේ.
කාබුල් පාලනයට එල්ල වූ මෙම දේශපාලනික සහ සංකේතාත්මක පහර හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ කලාපීය ආරක්ෂාව දැඩි අවදානමකට ලක්වනු ඇතැයි විචාරකයින් පවසති.












0 Comments