අහමදාබාද් – නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී (22) පැවති තීරණාත්මක තරඟයකින් ඉන්දියාව පරදා ලකුණු 76ක දැවැන්ත ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 187ක සවිමත් ලකුණු පුවරුවක් ගොඩනැගීය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩේවිඩ් මිලර් පන්දු 35කදී ලකුණු 63ක් ලබා ගනිමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අතර, ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 15කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
ලකුණු 188ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට නොහැකි වූ අතර, ඔවුන් පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණි. ඉන්දියාව වෙනුවෙන් ශිවම් ඩූබේ ලකුණු 42ක් රැස් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. මෙම පරාජයත් සමඟ ඉන්දියාවේ ශුද්ධ ලකුණු වේගයට (NRR) විශාල බලපෑමක් එල්ල වී තිබේ.













0 Comments