වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත අලගියවන්න මහතාගේ අභාවයෙන් (ඝාතනයෙන්) හිස් වූ සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ (NPP) නතීඥ චින්තක දර්ශන පත්වෙයි. ඒ අනුව, නව සභාපතිවරයා ලෙස නිල වශයෙන් දිවුරුම් දී වැඩ භාරගෙන ඇත.
පසුගිය මාසයේදී වැලිගම ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් හිටපු සභාපති ලසන්ත අලගියවන්න මහතා ඝාතනයට ලක්වීමත් සමඟ මෙම ධුරය හිස්ව පැවතිණි. එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවමත් ක්‍රියාත්මක වන අතර, සභාවේ පරිපාලන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම නව පත්වීම සිදු කර තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සම්බන්ධයෙන් පක්ෂ අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව, බහුතර කැමැත්ත මත ජාතික ජන බලවේගයට මෙම සභාපති ධුරය හිමිවීම විශේෂත්වයකි. මෙය මෑත කාලීනව දකුණු පළාතේ පළාත් පාලන ආයතන තුළ මාලිමාව ලබන තවත් එක් දේශපාලන ජයග්‍රහණයක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.













0 Comments