"බලයට එන්න උදව් ගත්තා - දැන් ද්‍රෝහිකම් කරනවා" "
එදා ජේ.වී.පී එකේ ගුරු සංගම් පාරට බැහැලා දරුවන්ගේ අනාගතය එක්ක සෙල්ලම් කරද්දී, මේ උපාධිධාරී නිලධාරීන් තමයි පන්ති කාමරවලට වෙලා දරුවන්ට ඉගැන්නුවේ. එදා ඒ කරපු සේවය අමතක කරලා, අද මේ ආණ්ඩුව ඔවුන්ව පාරට ඇදලා දාලා තියෙනවා. මැතිවරණ කාලේ උපාධිධාරීන්ගේ ඡන්දය ගන්න පොරොන්දු මලු දුන්නු අය, අද ඔවුන්ට ගුරු පත්වීම් දෙන්න විභාග තියනවා," යැයි රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
වත්මන් අර්බුදය
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය අද වන විට 7 වන දිනටත් ක්‍රියාත්මක වේ. පවතින ගුරු හිඟය පියවීමට තමන්ව ගුරු සේවයට අනුයුක්ත කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියද, ආණ්ඩුව ඔවුන්ට විධිමත් විසඳුමක් ලබා නොදීම මත මෙම දේශපාලන උණුසුම තවත් වැඩි වී තිබේ.













0 Comments