2025 වසරේ ජනවාරි 26 වනදා ඇඹිලිපිටිය කුට්ටිගල යුද හමුදා පොදු සේවා බලකා පුහුණු කඳවුරේදී අතුරුදන්ව, පසුව මියගොස් සිටියදී හමුවූ සෙබළාගේ මරණය සම්බන්ධයෙන් වසරකට පසු අබිරහස හෙළි වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශය මගින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව හමුදා සැරයන්වරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ පාපොච්චාරණයට අනුව, සතුන් දඩයම් කිරීමේ අරමුණින් කඳවුරු භූමිය තුළ ඇද තිබූ නීතිවිරෝධී විදුලි කම්බියක පැටලී මෙම සෙබළා විදුලි සැර වැදී මියගොස් තිබේ. පසුව සාක්ෂි වසන් කිරීම සඳහා සැකකරුවන් විසින් මෘත දේහය කැලෑබද ප්‍රදේශයකට ගෙන ගොස් දමා, සෙබළාගේ ජංගම දුරකථනය සහ විදුලි කම්බි රෝල අසල පිහිටි වැවකට දමා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හමුදා සැරයන්වරයෙකු, සිවිල් සේවකයෙකු, කරණවෑමියෙකු සහ පේෂකර්ම ශිල්පියෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, අදාළ සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට යුද හමුදාව පියවර ගෙන තිබේ. මියගිය සෙබළා මාතලේ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.












0 Comments