ලෝක දේශපාලනයේ දැවැන්තම යුද ගැටුමකට මුල පුරමින් ඊශ්‍රායල ගුවන් හමුදාව මීට සුළු මොහොතකට පෙර ඉරානය වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම ආරම්භ කර තිබේ.
ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරයේ මෙන්ම තවත් ප්‍රධාන නගර කිහිපයක දැවැන්ත පිපිරීම් ශබ්ද වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් සිදු කළ "සෘජු ප්‍රහාරයක්" ලෙස හඳුන්වා දී ඇති අතර, ඉරානයේ යුදමය මධ්‍යස්ථාන සහ රොකට් නිෂ්පාදන මධ්‍යස්ථාන මෙහි ප්‍රධාන ඉලක්ක වී ඇති බවට සැක කෙරේ.
මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පමණක් නොව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ක්ෂණිකව ඉහළ යාමේ අවදානමක් පවතී.
ඉරානය මීට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති බැවින් තත්ත්වය ඉතා දරුණු අතට හැරෙමින් පවතී.












0 Comments