අද (14) රාත්‍රී 8:50 ට පමණ කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම ප්‍රහාරයෙන් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
අද දින වාර්තා වූ දෙවන වෙඩි තැබීම මෙය වන අතර, මීට පෙර කළුතර වාඩියමංකඩ ප්‍රදේශයේදී ද තවත් වෙඩි තැබීමක් සිදුවිය. එම සිදුවීමෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය තහවුරු කරයි.
ජින්තුපිටිය වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙය පාතාල කල්ලි අතර ගැටුමක්ද, නැතිනම් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
.jpeg)












0 Comments