කළුතර, වාඩියමංකඩ හන්දියේ පිහිටි වෙළඳසැලක් අසලදී අද (14) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
තුවාලකරු වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවූයේද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
.jpeg)












0 Comments