T20 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම්ම තරගයෙන් පාකිස්ථානය ලකුණු 61 කින් පරාජය කරමින් අතිවිශිෂ්ට ජයක් ලැබීමට ඉන්දියාව අද (15) සමත් විය. මෙම ජයග්රහණයත් සමඟ ඉන්දියාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ 'සුපිරි 8' දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ දෙවන කණ්ඩායම බවට පත්විය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස් කළේය. ආරම්භක පිතිකරු ඉෂාන් කිෂාන් පන්දු 40කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සමඟින් ලකුණු 77ක් රැස් කරමින් තරගයේ වීරයා (Player of the Match) බවට පත් විය. නායක සූරියකුමාර් යාදව් ලකුණු 32ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 114ක් පමණි. පාකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උස්මාන් ඛාන් ලකුණු 44ක් ලබා ගත්තේය.
ඉන්දීය පන්දු යවන්නන් අද දින අතිශය දක්ෂ ලෙස පන්දු යැවූ අතර, හර්ඩික් පාණ්ඩ්යා, ජස්ප්රිට් බුම්රා, අක්සාර් පටෙල් සහ වරුන් චක්රවර්ති කඩුලු 2 බැගින් දවා ගනිමින් පාකිස්ථාන ජයග්රහණය උදුරා ගත්හ.













0 Comments