මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා සිය මෑණියන්ගේ (හේමා ප්‍රේමදාස මහත්මිය) විශ්‍රාම වැටුප මෙන්ම සිය පියාණන් වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ විශ්‍රාම වැටුපද ලබාගන්නා බවයි. රජයේ වරප්‍රසාද සහ මහජන මුදල් මෙලෙස ලබාගනිමින් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පැවසීම පරස්පර විරෝධී බව ඔහු පෙන්වා දුන්නේය.
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරය සහ ස්ථාවර නියෝග (Standing Orders) අත්තනෝමතික ලෙස භාවිත කිරීමට උත්සාහ කිරීම පිළිබඳවද බිමල් රත්නායක මහතා සිය අප්‍රසාදය පළ කර සිටියේය.













0 Comments