අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමුවීමට ඔහුගේ සහෝදරයා පැමිණි අවස්ථාවක ආණ්ඩුවට එරෙහිව සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. පිල්ලෙයාන්ගේ නීතීඥවරයා ලෙස කටයුතු කරන උදය ගම්මන්පිල මහතා මේ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු අනාවරණය කළේය.
පිල්ලෙයාන් සහ ඔහුගේ සහෝදරයා අතර පැවති සාකච්ඡාවේදී, "දැන්නම් අනුර ඉවරයි.. ඡන්දයක් තිබ්බොත් කුණු වෙන්න පරදිනවා" යැයි සහෝදරයා පවසා ඇත. මෙහිදී අසල සිටි CID නිලධාරියා ඊට බාධා කරමින් දේශපාලනය හෝ ආණ්ඩුව විවේචනය කරන කරුණු සාකච්ඡා නොකරන ලෙස දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ දිනයේ CIDය වෙත ගිය උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේ, රැඳවියෙකුට තම පවුලේ සාමාජිකයන් සමඟ ඕනෑම කරුණක්, විශේෂයෙන්ම දේශපාලනය පිළිබඳව සාකච්ඡා කිරීමට නීත්‍යානුකූල අයිතියක් ඇති බවයි. නිලධාරීන් මෙලෙස බාධා කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.













0 Comments