තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙකු වන එලොන් මස්ක්ගේ Neuralink සමාගම විසින් මිනිස් මොළයට සවි කරන ලද විශේෂ පරිගණක චිපයක් (Chip) හරහා සිතුවිලි මගින් පමණක් පරිගණකයක් පාලනය කිරීමට සමත් වූ පුද්ගලයෙකුගේ තොරතුරු වාර්තා කර තිබේ. මෙය වෛද්‍ය විද්‍යාවේ සහ තාක්ෂණයේ පෙරළිකාර අවස්ථාවක් ලෙස සැලකේ.
මෙම චිපය සවි කළ පුද්ගලයාට දැන් කිසිදු අතක් පයක් හෝ මවුසයක් භාවිතා නොකර, තම සිතුවිලි පමණක් භාවිතා කරමින් පරිගණක ක්‍රීඩා කිරීමට සහ අන්තර්ජාලයේ සැරිසැරීමට හැකියාව ලැබී ඇත. "මෙය හරියට ටෙලිපති (Telepathy) හැකියාව ලැබුණා වගෙයි" යනුවෙන් මස්ක් සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.
විශේෂයෙන්ම අංශභාගය වැනි රෝගී තත්ත්වයන් නිසා අත් පා වාරු නොමැති පුද්ගලයන්ට මෙම තාක්ෂණය ආශිර්වාදයක් වනු ඇත. අනාගතයේදී ස්මාර්ට් ජංගම දුරකථන පවා භාවිතා කිරීමට අවශ්‍ය නොවනු ඇති බවත්, ඒ සියල්ල මොළයේ ඇති චිපය හරහා සිදු කළ හැකි වනු ඇති බවත් විද්‍යාඥයෝ පවසති.













0 Comments