අනාගතයේදී අපිට ලෙඩක් වුණාම ශල්‍යකර්ම කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයිද? විද්‍යාඥයින් පිරිසක් විසින් රුධිර නාලයක් තුළින් ගමන් කළ හැකි තරම් අතිශය කුඩා "නැනෝ-රොබෝවරුන්" (Nano-robots) සාර්ථකව අත්හදා බලා තිබේ.
මෙම රොබෝවරුන්ගේ විශේෂත්වය වන්නේ සිරුරේ නිරෝගී සෛලවලට හානි නොකර, රෝගී වූ සෛල හෝ පිළිකා සෛල පමණක් හඳුනාගෙන ඒවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමයි.
විශේෂයෙන්ම මොළයේ ඇතිවන ගෙඩි (Brain Tumors) වැනි සංකීර්ණ රෝගී තත්ත්වයන්හිදී, මොළය විවෘත නොකර මෙම නැනෝ-රොබෝවරුන් රුධිරය හරහා යවා අදාළ ගෙඩිය දිය කර හැරීමට හෝ ඉවත් කිරීමට දැන් හැකියාව ලැබී ඇත.
මේ හරහා රෝගීන් සුව වීමේ වේගය ඉතා ඉහළ යන අතර, ශල්‍යකර්ම නිසා ඇතිවන අතුරු ආබාධ සම්පූර්ණයෙන්ම අවම කර ගැනීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.












0 Comments