ලෝකයේ පවතින පානීය ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දෙමින්, MIT විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සූර්ය බලයෙන් පමණක් ක්‍රියා කරන, ඉතා වේගයෙන් මුහුදු ජලය පිරිසිදු කළ හැකි කුඩා පද්ධතියක් (Portable Desalination Unit) නිපදවා තිබේ. මෙය සාමාන්‍ය පෙරහනකට වඩා සිය ගුණයක් වේගවත් වන අතර කිසිදු විදුලි රැහැනක් හෝ අමතර බැටරියක් අවශ්‍ය නොවේ.
මෙම උපකරණය මගින් මුහුදු ජලයේ ඇති ලුණු අංශු සහ බැක්ටීරියා 99.9%ක් ඉවත් කරන අතර, එයින් ලැබෙන ජලය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට වඩා ඉහළ මට්ටමක පවතින බව තහවුරු වී ඇත. වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට සහ නාවිකයින්ට මෙන්ම හදිසි ආපදා තත්ත්වයන්හිදී ජලය ලබා ගැනීමට මෙය ඉතා වටිනා සොයාගැනීමකි. විශේෂයෙන්ම මෙය ස්මාර්ට් ජංගම දුරකථනයකට වඩා මදක් විශාල වන අතර ඕනෑම තැනක ගෙන යාමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි.












0 Comments