මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු වූ අයුරින් නිමා කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් සියලු වගකීම භාරගනිමින් නායක දසුන් ශානක විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
සිය නිල ෆේස්බුක් ගිණුම හරහා දීර්ඝ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ ප්‍රේක්ෂකයන් තුළ ඇති වේදනාව සහ කෝපය තමා හොඳින්ම වටහා ගන්නා බවයි.
"මෙම ලෝක කුසලාන තරගාවලිය අප බලාපොරොත්තු වූ අයුරින් අවසන් නොවීම පිළිබඳව ඔබ සැම සේම මම ද දැඩි ලෙස කණගාටුවට පත්ව සිටිමි,"
යැයි පවසන දසුන්, තරගාවලියට පෙර පැවති අභියෝග මධ්‍යයේ වුවද ඉතා පැහැදිලි සැලසුම් සහිතව කණ්ඩායම තරග බිමට පිවිසි බව සඳහන් කළේය.
මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුන් වීම පිළිබඳව නිහතමානීව සමාව අයදින ඔහු, ශ්‍රී ලංකා ක්‍රිකට් උරුමය ඉදිරියට ගෙන යාමට කැපවී සිටින ක්‍රීඩකයින් කෙරෙහි තැබූ විශ්වාසය අත් නොහරින ලෙසද ඉල්ලා සිටියි.
කුමන විවේචන එල්ල වුවද තමා සැමවිටම උපරිමය රට වෙනුවෙන් ලබා දීමට පසුබට නොවන බවත්, ඔහුගේ එකම අරමුණ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම බවත් දසුන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.













0 Comments