කොළඹ – පසුගිය සමයේ සිදුවූ දූෂණ සහ වංචා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. එහිදී ඔහු පෙන්වා දෙන්නේ දූෂිතයින් ආරක්ෂා කිරීමට තම රජය කිසිසේත් කටයුතු නොකරන බවයි.
මෙහිදී අමාත්‍යවරයා අදාළ පුද්ගලයින්ගේ දේශපාලන හිතවතුන්ට සහ යහළුවන්ට අපූරු පණිවිඩයක් ලබා දුන්නේය. "දැන් අද නිරෝගීව ඉන්නවා, හෙට CID එකට එන්න කිව්වොත් එහෙම ලෙඩ වෙනවා. ධමනි වේගයත් (Pulse Rate) අඩු වෙනවා," යනුවෙන් ඔහු උපහාසාත්මකව පවසා සිටියේය.
පරීක්ෂණ සඳහා CID, FCID හෝ පොලීසිය මගින් කැඳවීම් ලැබුණු විට ඒවා මඟනොහැර පැමිණ සහය ලබා දෙන ලෙසත්, ඉදිරි මාස කිහිපය තුළ බොහෝ දෙනෙකුට මෙලෙස කැඳවීම් ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය
. තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පවසා සිටියේ නඩු ගොනු කිරීමට අවශ්‍ය මහා අධිකරණ වැඩිපුර පිහිටුවා ඇති බැවින්, පරීක්ෂණ වලට සහය දී නීතිය වේගයෙන් ක්‍රියාත්මක වීමට ඉඩ සලසන ලෙසයි.













0 Comments