රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අද (25) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වාර්තා වන අන්දමට, CID විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසලදී අද අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම, ඊට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම යන බරපතල චෝදනා යටතේ ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය. දීර්ඝ කාලයක් තිස්සේ විවිධ පාර්ශව විසින් එල්ල කළ චෝදනා සහ පරීක්ෂණවලදී අනාවරණය වූ නවතම සාක්ෂි මත මෙම තීරණාත්මක පියවර ගෙන ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.
.jpg)












0 Comments