ශ්‍රී ලංකාව තුළ PayPal හරහා මුදල් ලබාගැනීමේ (Inward Remittance) පහසුකම ලැබී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් පැතිර යමින් පවතී. කෙසේ වෙතත්, අද (24) දින වන විටත් PayPal සමාගම හෝ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එවැනි නිල සහතික කිරීමක් සිදු කර නොමැත.
දැනට වසර කිහිපයක සිටම ශ්‍රී ලංකාවේ පරිශීලකයින්ට PayPal හරහා විදේශයන්ට මුදල් යැවීමට සහ අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම් සිදු කිරීමට අවස්ථාව පවතී.
නමුත් මෙරට නිදහස් වෘත්තිකයින් (Freelancers) සහ ව්‍යවසායකයින් දීර්ඝ කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටින 'මුදල් ලබාගැනීමේ' පහසුකම තවමත් සක්‍රීය වී නැත.
මහ බැංකුව විසින් ඩිජිටල් ගෙවීම් පද්ධති පුළුල් කිරීමට පියවර ගනිමින් සිටින බැවින්, ඉදිරි කාලයේදී මෙවැනි ජාත්‍යන්තර සේවාවන් මෙරටට පූර්ණ වශයෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.













0 Comments