ලෝකයම බලාපොරොත්තු වූ බිහිසුණු යුද ගැටුම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. ඊශ්‍රායලය සහ ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරානය විසින් ඊශ්‍රායලය වෙත දැවැන්ත මිසයිල වර්ෂාවක් එල්ල කර තිබේ.
විශේෂයෙන්ම උතුරු ඊශ්‍රායලයේ හයිෆා (Haifa) නගරයට සහ හොලොන් (Holon) ප්‍රදේශයට මෙම ප්‍රහාරවලින් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, හොලොන් හි දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රහාරයේ බරපතලකම නිසා ජෝර්දානයේ අම්මාන් නගරයේ පවා අනතුරු ඇඟවීමේ සයිරන් හඬ නාද වී ඇත. ඇමරිකානු ආරක්ෂක අංශ මෙම ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම "Epic Fury" ලෙස හඳුන්වා දී ඇති අතර, මෙය ඉදිරි පැය කිහිපය තුළ තවත් දරුණු වනු ඇතැයි අනුමාන කෙරේ.












0 Comments