ඊශ්‍රායලයේ චැනල් 9 පුවත් සේවය උපුටා දක්වමින් වාර්තා වන්නේ අරාබි මුහුදේ ස්ථානගත කර තිබූ ඇමරිකානු සුපිරි ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන USS Abraham Lincoln වෙත ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
මෙම ප්‍රහාරය මිසයිල මගින්ද නැත්නම් ඩ්‍රෝන යානා මගින්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, නෞකාවට සිදු වූ හානිය පිළිබඳව ඇමරිකානු ආරක්ෂක අංශ මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
කෙසේ වෙතත්, මෙම පුවතත් සමඟ මැදපෙරදිග කලාපයේ ඇවිලෙන යුද්ධය තවදුරටත් දරුණු අතට හැරී තිබේ. ඇමරිකාව සිය "Operation Epic Fury" මෙහෙයුම තවදුරටත් දැඩි කිරීමට මෙලෙස ඔවුන්ගේ නෞකාවකට එල්ල වූ ප්‍රහාරය හේතුවනු ඇති බව විචාරකයින් පවසති.













0 Comments