මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වයත් සමඟ ලෝකයේ ප්‍රධානතම තෙල් මාවත වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වැසී යාමේ දැඩි අවදානමක් මතුව තිබේ. ලෝකයේ මුළු බොරතෙල් පරිවහනයෙන් 30%ක් පමණ සිදු වන්නේ මෙම පටු මුහුදු තීරය හරහාය.
ශ්‍රී ලංකාවට මෙහි බලපෑම අතිශය දරුණු වන්නේ අපේ රටේ ප්‍රධානතම බොරතෙල් සැපයුම්කරු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නිසාය. එමීර් රාජ්‍යයේ සිට ආසියාවට එන තෙල්වලින් 90%කට වඩා ගමන් කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය.
මෙම මාවත අවහිර වුවහොත් ලංකාවට බොරතෙල් ගෙන ඒම සම්පූර්ණයෙන්ම නතර විය හැකිය. දැනටමත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල (Brent Crude) බැරලයක් ඩොලර් 73 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, සන්ධිය වැසුණහොත් එය ඩොලර් 130 දක්වා ඉහළ යා හැකි බව ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
මෙය ලංකාවේ ඉන්ධන මිල, විදුලි බිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දරාගත නොහැකි ලෙස ඉහළ යාමට හේතු වනු ඇත.












0 Comments