ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ "Operation Epic Fury" මෙහෙයුම හමුවේ පසුබට නොවන බව පවසමින් ඉරාන IRGC ජෙනරාල් ඊබ්‍රහිම් ජබ්බාරි (Ibrahim Jabbari) දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ඔහු පවසන්නේ මෙතෙක් ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාර ඔවුන් සතු අවි ගබඩාවේ ඇති සාමාන්‍ය අවි පමණක් බවයි.
"ඉක්මනින්ම, ඔබ මීට පෙර කවදාවත් දැක නැති ආයුධ අපි හෙළි කරනවා," යැයි ඔහු පවසා සිටියේ ඉරාන හමුදා යටිතල පහසුකම් වලට එල්ල වන ප්‍රහාර හමුවේය. මෙම ප්‍රකාශයත් සමඟ බටහිර ආරක්ෂක අංශ දැඩි විමසිල්ලට පත්ව ඇත.
ඉරානය සතු රහසිගත ඩ්‍රෝන රංචු (Drone Swarms) හෝ නවතම ලේසර් තාක්ෂණික අවි මෙහිදී භාවිතා වනු ඇතැයි සැක කෙරේ. යුද්ධය තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇති බව මෙයින් පැහැදිලි වේ.
.jpeg)












0 Comments