එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි නගරය ඉලක්ක කර අද (මාර්තු 05) රාත්‍රියේ එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් හේතුවෙන් මුළු නගරයම භීතියට පත්ව තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, සයිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (Zayed International Airport) අසල අහසේදී අතිශය ප්‍රබල පිපිරීම් කිහිපයක් සිදුවී ඇති අතර, එය ඊශ්‍රායල සහ ඇමරිකානු ආරක්ෂක පද්ධති මගින් එල්ල කරන ලද මිසයිල මර්දන මෙහෙයුම් බව තහවුරු වී ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, අද දින තුළ පමණක් බැලස්ටික් මිසයිල 7ක් සහ ඩ්‍රෝන යානා 131ක් රට දෙසට එල්ල වී තිබේ. ඉන් මිසයිල 6ක් සහ ඩ්‍රෝන 125ක් සාර්ථකව අහසේදීම විනාශ කිරීමට ඔවුන්ගේ ආරක්ෂක පද්ධති සමත් වී ඇත.
කෙසේ වෙතත්, එක් බැලස්ටික් මිසයිලයක් රට තුළට පතිත වී ඇති අතර, අහසේදී විනාශ කරන ලද ඩ්‍රෝන යානාවල කැබලි (Debris) අබුඩාබි නගරයේ 'ICAD 2' කාර්මික කලාපයට පතිත වීමෙන් පාකිස්ථාන සහ නේපාල ජාතිකයන් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම තත්ත්වය හමුවේ අබුඩාබි ගුවන්තොටුපොළේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් කටයුතු කළ අතර, ගුවන් ගමන් සිය ගණනක් අවලංගු වීම නිසා මගීන් දහස් ගණනක් අතරමං වී සිටිති.
අබුඩාබි හි සිටින ශ්‍රී ලාංකිකයන් පවසන්නේ පිපිරීම්වල හඬ කිලෝමීටර් ගණනාවක් ඈතට ඇසුණු බවත්, ගොඩනැගිලි පවා සෙලවුණු බවත්ය. ලංකාවේ විදේශ අමාත්‍යාංශය මැදපෙරදිග සිටින ලාංකිකයන්ට උපදෙස් දී ඇත්තේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසයි.













0 Comments