මෙම පිපිරීම සිදුව ඇත්තේ කුවේට්හි මුබාරක් අල් කබීර් වරායේ සිට නාවික සැතපුම් 30ක් (කිලෝමීටර් 56ක්) පමණ ගිනිකොන දෙසිනි.
වාර්තා වන පරිදි, නැවේ වම් පසින් (Port side) විශාල පිපිරීමක් ඇසුණු බවත්, ඉන් සුළු මොහොතකට පසු කුඩා යාත්‍රාවක් එම ස්ථානයෙන් වේගයෙන් පලා යන අයුරු නෞකාවේ කපිතාන්වරයා දැක ඇති බවත් සඳහන් වේ.
පිපිරීම නිසා නෞකාවේ භාණ්ඩ ප්‍රවාහන ටැංකියකට (Cargo tank) දැඩි හානි සිදුව ඇති අතර, මේ වන විට පර්සියානු ගල්ෆ් මුහුදට විශාල වශයෙන් බොරතෙල් කාන්දු වෙමින් පවතී. මෙය කලාපයේ පරිසරයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවට සමුද්‍රීය විශේෂඥයෝ අනතුරු අඟවති.
නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සිටින අතර, ගින්නක් ඇති වී නොමැති බව ද වාර්තා වේ. කෙසේ වෙතත්, පිපිරීම නිසා නෞකාව තුළට ජලය කාන්දු වීමේ අවදානමක් පවතින බව UKMTO පවසයි. ඉරාන - ඊශ්‍රායල ගැටුම ආරම්භ වූ පසු හෝමුස් සමුද්‍ර සන්ධියෙන් බැහැරව උතුරු දෙසට වන්නට සිදුවූ පළමු ප්‍රධාන ප්‍රහාරය මෙය ලෙස සැලකේ.












0 Comments