මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින යුද තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සියලුම විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ හදිසි හමුවක් අද (මාර්තු 03) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා තිබේ.
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ඇතුළු විපක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයන් රැසක් මෙයට සහභාගී වීමට නියමිතය.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණු දෙකකි. පළමුවැන්න, මැදපෙරදිග සේවය කරන ලක්ෂ 10කට අධික ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගෙන ඇති පියවර විමර්ශනය කිරීමයි.
දෙවැන්න, හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීම නිසා මෙරට ඉන්ධන මිල සහ ආහාර සැපයුමට එල්ල විය හැකි බරපතල බලපෑමට මුහුණ දීමට රජයට අවශ්‍ය උපදෙස් ලබා දීමයි.
යුද්ධය වහාම නතර කර සාම සාකච්ඡා ආරම්භ කරන ලෙසත්, ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ස්වාධීන සහ ශක්තිමත් ස්ථාවරයක සිටිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කිරීමට නියමිතය.













0 Comments