
ඇමරිකානු එක්සත් ජනපදය සහ ඉක්වදෝරය ඒකාබද්ධව දකුණු ඇමරිකාවේ ක්‍රියාත්මක වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ජාලයන්ට එරෙහිව දරුණු මිලිටරි ප්‍රහාර මාලාවක් අද (මාර්තු 07) වන විට ආරම්භ කර තිබේ. ඇමරිකානු දකුණු විධානය (US Southern Command) නිවේදනය කරන්නේ, ඉක්වදෝර රජයේ ඉල්ලීම පරිදි එරට තුළ ක්‍රියාත්මක වන "නම් කරන ලද ත්‍රස්තවාදී සංවිධාන" (Designated Terrorist Organizations) ඉලක්ක කර මෙම "මාරාන්තික ප්‍රහාර" (Lethal Kinetic Operations) දියත් කළ බවයි.
ඇමරිකානු ආරක්ෂක ලේකම් (Secretary of War) පීට් හෙග්සෙත් (Pete Hegseth) සිය නිල X ගිණුම හරහා වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝග පරිදි දැන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මුහුදේදී පමණක් නොව ගොඩබිමේදී ද බෝම්බ හෙළන බවයි. "මේක ආරම්භය විතරයි, ඉදිරියේදී තවත් බොහෝ දේ සිදුවනු ඇත" යනුවෙන් ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ. විශේෂයෙන්ම ඉක්වදෝරයේ ඊසානදිග ප්‍රදේශයේ, කොලොම්බියානු දේශ සීමාව අසල පිහිටි Comandos de la Frontera (CDF) නැමති අපරාධ කල්ලියට අයත් පුද්ගලයින් 50කට පමණ රැඳී සිටිය හැකි පුහුණු කඳවුරක් ඇමරිකානු ඩ්‍රෝන සහ ගුවන් ප්‍රහාරවලින් විනාශ කර ඇති බව ඉක්වදෝර ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම මෙහෙයුම ඉක්වදෝර රජය විසින් හඳුන්වා දී ඇත්තේ "Operation Total Extermination" (සම්පූර්ණ විනාශය) යන නමිනි. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඇමරිකාව විසින් දියත් කරන ලද "Operation Southern Spear" මෙහෙයුමේ දිගුවක් ලෙස මෙය සැලකේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන මෙම ප්‍රහාර සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් පවසන්නේ, නඩු විභාගයකින් තොරව මෙලෙස මිලිටරි ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. කෙසේ වෙතත්, ට්‍රම්ප් පාලනය පවසන්නේ ඇමරිකාවට මත්ද්‍රව්‍ය ගලා ඒම නැවැත්වීම සඳහා ඕනෑම මට්ටමක මිලිටරි ශක්තියක් භාවිතා කරන බවයි.
0 Comments