මැදපෙරදිග යුද්ධයේ නවවන දිනය වන අද (මාර්තු 09) අලුයම, ඉරානයේ අගනුවර වන ටෙහෙරානය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය විසින් පෙර නොවූ විරූ මට්ටමේ දැවැන්ත ගුවන් ප්‍රහාරයක් දියත් කර තිබේ. ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් පවසන්නේ මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු අගනුවරක් ඉලක්ක කර එල්ල කරන ලද වඩාත්ම දරුණු ගුවන් මෙහෙයුම්වලින් එකක් විය හැකි බවයි.
වාර්තා වන පරිදි, ඊශ්‍රායල ගුවන් හමුදාවේ අතිනවීන රේඩාර්වලට හසු නොවන (Stealth) F-35 ජෙට් යානා 70කට වැඩි ප්‍රමාණයක් මෙම මෙහෙයුම සඳහා යොදාගෙන තිබේ. මෙම ජෙට් යානා විසින් ටෙහෙරාන් නගර මධ්‍යයේ පිහිටි ඉරාන මධ්‍යම ආරක්ෂක මූලස්ථානය, බුද්ධි අංශ ප්‍රධාන කාර්යාලය සහ විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) උපායමාර්ගික මධ්‍යස්ථාන වෙත නිරවද්‍ය මිසයිල ප්‍රහාර (Precision strikes) එල්ල කර ඇත. ප්‍රහාරයේ ප්‍රබලතාවය නිසා ටෙහෙරාන් නගරයේ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති අතර, නගරයේ සන්නිවේදන සහ විදුලි පද්ධති සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයට මොහොතකට පෙර ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ ඉරානය යටත් නොවන්නේ නම් ඔවුන්ගේ "හදවතටම" පහර දෙන බවයි. ඉරාන රජයේ මාධ්‍ය තවමත් ජීවිත හානි පිළිබඳ නිල වාර්තා නිකුත් කර නොමැති වුවද, ප්‍රහාරය එල්ල වූ ස්ථානවල දහස් ගණනක් සේවකයින් සිටි බැවින් විශාල ජීවිත හානියක් සිදුව ඇති බවට සැක කෙරේ. මෙම ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපය මහා පරිමාණ ගොඩබිම් යුද්ධයකට තවත් සමීප වී ඇති අතර, ඉරානයේ ප්‍රතිප්‍රහාරය කුමක් විය හැකිද යන්න පිළිබඳව ලෝකයම දැඩි අවධානයෙන් පසුවේ.












0 Comments