ඇමරිකාව පෙන්වා දෙන්නේ මෙම නැවියන් අතර ඉරාන බුද්ධි අංශවල ඉහළ නිලධාරීන් සිටිය හැකි බවත්, ඔවුන්ව ප්‍රශ්න කිරීම සඳහා තමන්ට අවස්ථාව ලබා දිය යුතු බවත්ය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් අතිශය පරීක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, ලංකාව 1982 එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතියට (UNCLOS) අනුකූලව කටයුතු කරන බවයි. "කිසිදු රාජ්‍යයකට ගැති නොවී, ස්වෛරී රටක් ලෙස මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙන අපි මේ තීරණය ගන්නවා" යැයි ඔහු පවසා තිබේ.
දැනට මෙම ඉරාන නැවියන් 240 දෙනා කොළඹ වැලිසර නාවික හමුදා කඳවුරේ තාවකාලිකව රඳවා සිටින අතර, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ ආරක්ෂාව සපයා තිබේ. IRINS Bushehr නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාමට ද කටයුතු යොදා ඇත. ඇමරිකානු තානාපති කාර්යාලය පවසන්නේ මෙය ඉරාන ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත හැකි බැවින් ලංකාව කල්පනාකාරී විය යුතු බවයි. ලංකාව මේ වන විට ඉරානය සහ ඇමරිකාව යන දෙපාර්ශවය සමඟම රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පවත්වමින් සිටින අතර, මෙය ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය උරගා බලන ලොකුම අභියෝගය බවට පත්ව තිබේ.












0 Comments