ඊශ්‍රායල-ඇමරිකානු ඒකාබද්ධ හමුදා ඉරානයට එරෙහිව දියත් කර ඇති ප්‍රහාර මාලාවේ හත්වන දිනය වන අද (මාර්තු 07) වන විට ඉරාන අගනුවර වන ටෙහෙරානය දැඩි විනාශයකට පත්ව තිබේ.
අලුත්ම වාර්තා වලට අනුව, ටෙහෙරානයේ පිහිටි ප්‍රකට 12,000ක ආසන ධාරිතාවයකින් යුත් Azadi ගෘහස්ථ ක්‍රීඩාංගනය ඊශ්‍රායල ප්‍රහාරයකින් දැඩි හානියට පත්ව ඇති බව තහවුරු වේ.
මෙයට අමතරව, ටෙහෙරාන් නුවර පිහිටි ඉරාන උත්තරීතර නායකයාගේ දැවැන්ත භූගත බංකරය ඊශ්‍රායල ගුවන් හමුදාවේ ජෙට් යානා 50ක් යොදාගෙන විනාශ කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.
මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඉරානයට පවතින එකම විකල්පය "කොන්දේසි විරහිතව යටත් වීම" (Unconditional Surrender) පමණක් බවයි. ඉරානය යටත් වී "පිළිගත හැකි" නායකයෙකු පත් කරගන්නේ නම්, එරට ආර්ථිකය නැවත ගොඩනැගීමට ඇමරිකාව සහ එහි මිත්‍ර රටවල් උදව් කරන බව ඔහු පොරොන්දු වී තිබේ. ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ මීළඟ නායකයා තෝරා ගැනීමේදී තමන් ද මැදිහත් විය යුතු බවයි.
ඉරාන එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා පවසන්නේ යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරාන වැසියන් 1,332 දෙනෙකු මියගොස් ඇති බවයි. කලාපීය වශයෙන්, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද ඉරාන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති අතර, සවුදි අරාබිය විසින් තම අගනුවර දෙසට පැමිණි බැලස්ටික් මිසයිලයක් සාර්ථකව මර්දනය කර තිබේ. යුද්ධයේ පළමු සතිය අවසන් වන විට ඇමරිකාව පවසන්නේ තමන් ඉරානය තුළ ඉලක්ක 3,000කට වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇති බවයි.












0 Comments