මැදපෙරදිග යුද්ධයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, ඉරාන උත්තරීතර නායකයාගේ කාර්ය මණ්ඩල වැඩබලන ප්‍රධානී සහ සමීපතම ආරක්ෂක උපදේශක අලි අස්ගර් මිර් හෙජාසි (Ali Asghar Mir Hejazi) ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා විය.
මෙය පසුගිය දින කිහිපය තුළ ඉරාන ඉහළ පෙළේ නායකත්වයට එල්ල වූ දරුණුතම සහ වඩාත්ම සාර්ථක ප්‍රහාරය ලෙස ආරක්ෂක විචාරකයෝ හඳුන්වති.
හෙජාසි යනු දශක තුනකට වැඩි කාලයක් ඉරාන පාලන තන්ත්‍රයේ රහසිගත බුද්ධි මෙහෙයුම් සහ ආරක්ෂක ප්‍රතිපත්ති මෙහෙයවූ ප්‍රධානම පුද්ගලයාය. අයතුල්ලා අලි කමේනිගේ "දකුණු අත" ලෙස සැලකෙන මොහු, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ රජයේ බුද්ධි අංශ අතර සම්බන්ධීකරණය සිදුකළ ප්‍රධානියා ද විය.
ටෙහෙරාන් නගරයේ ආරක්ෂිත මධ්‍යස්ථානයක රහසිගත රැස්වීමක් පවත්වමින් සිටියදී ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද නිරවද්‍ය මිසයිල ප්‍රහාරයකින් මොහු ඇතුළු තවත් ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
මෙම ඝාතනයත් සමඟ ඉරාන පාලන තන්ත්‍රය දැඩි කැලඹීමකට පත්ව තිබේ. දැනටමත් ඉරාන නායකත්වයේ බොහෝ පිරිසක් මියගොස් ඇති පසුබිමක, හෙජාසි වැනි අත්දැකීම් බහුල නායකයෙකු අහිමි වීම ඉරානයේ ඉදිරි යුද උපාය මාර්ගවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
ඊශ්‍රායල අගමැතිවරයා පවසා ඇත්තේ "ඉරානයේ ත්‍රස්තවාදී හදවතට" තමන් පහර දී ඇති බවයි. මෙම පුවතත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ලොව පුරා ඉරාන හිතවාදී කණ්ඩායම්වලින් දරුණු ප්‍රතිප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතී.












0 Comments