ප්‍රහාරය ආරම්භ වීමට මොහොතකට පෙර නැගෙනහිර ටෙහෙරානයේ සිවිල් වැසියන්ට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ අතර, ඉන් සුළු මොහොතකට පසු නගරය පුරා දැවැන්ත පිපිරීම් හඬ ඇසෙන්නට විය. ප්‍රදේශවාසීන් පවසන්නේ පිපිරීම්වල ප්‍රබලතාවය නිසා කිලෝමීටර් ගණනාවක් ඈතට ගොඩනැගිලි සෙලවුණු බවත්, ටෙහෙරාන් අහස විශාල ගිනි ජාලාවලින් ආලෝකවත් වූ බවත්ය. ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වී ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ ද, බොහෝ ප්‍රහාර ඉලක්ක වෙත පතිත වී ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු වේ.
මෙම තත්ත්වය හමුවේ ටෙහෙරාන් වැසියන් දහස් ගණනක් ආරක්ෂිත බංකර් සහ නගරයෙන් පිටත ප්‍රදේශ වෙත පලා යමින් සිටිති. දැනට පවතින වාර්තාවලට අනුව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) මූලස්ථානයට ද මෙහිදී හානි සිදුව ඇති බව සැක කෙරේ. යුද්ධය ආරම්භ වී දින කිහිපයක් ගතවද්දී අගනුවර මෙවැනි දරුණු ඉලක්කගත ප්‍රහාරයකට ලක්වීම ඉරාන පාලන තන්ත්‍රයේ ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරයි. ලංකාවේ විදේශ අමාත්‍යාංශය පවසන්නේ ඉරානයේ වෙසෙන ලාංකිකයන්ට තම නිවෙස්වලින් පිටතට නොඑන ලෙසත්, හදිසි තත්ත්වයකදී තානාපති කාර්යාලය ඇමතීමට කටයුතු කරන ලෙසත්ය.












0 Comments