මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය අතිශය තීරණාත්මක මට්ටමකට පත් කරමින්, ඊශ්‍රායල ආරක්ෂක පද්ධතියේ කොඳු නාරටිය ලෙස සැලකෙන හමුදා බුද්ධි අංශ (AMAN) මූලස්ථානය ඉලක්ක කර ඉරානය විසින් ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නයිනි මහතා තහවුරු කර ඇත්තේ මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙය මෑත ඉතිහාසය තුළ ඊශ්‍රායලයේ වඩාත්ම ආරක්ෂිත සහ සංවේදී ස්ථානයකට එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙස ආරක්ෂක විචාරකයින් පෙන්වා දෙයි. ඉරානය විසින් අවස්ථා කිහිපයකදී එක පිට එක මිසයිල දස ගණනක් (salvos) මෙම ගොඩනැගිල්ල වෙත එල්ල කර ඇති අතර, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉලක්කය වෙත පතිත වී ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායලයේ සමස්ත ආරක්ෂක මෙහෙයුම් සහ බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන AMAN ආයතනය ඉලක්ක කිරීම හරහා ඉරානය බලාපොරොත්තු වී ඇත්තේ එරට ආරක්ෂක යාන්ත්‍රණය අඩපණ කිරීමයි. ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී ගොඩනැගිල්ල තුළ සිටි ඉහළ පෙළේ හමුදා බුද්ධි නිලධාරීන් ඉලක්ක වී ඇති අතර, ජීවිත හානි පිළිබඳ නිල වාර්තා ඊශ්‍රායල පාර්ශවයෙන් මෙතෙක් සවිස්තරාත්මකව අනාවරණය කර නොමැත. කෙසේ වෙතත්, ඉරාන පාර්ශවය අවධාරණය කරන්නේ තම මිසයිල පද්ධතිය ඉතා නිවැරදිව ඉලක්කය වෙත ගමන් කළ බවත්, එමගින් බලාපොරොත්තු වූ විනාශය සිදු කිරීමට හැකි වූ බවත්ය. මෙම ප්‍රහාරයත් සමඟ ඊශ්‍රායලය පුරා මහත් නොසන්සුන්තාවයක් නිර්මාණය වී ඇති අතර, විශේෂයෙන්ම ටෙල් අවිව් වැනි ප්‍රධාන නගරවල ආරක්ෂාව දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
දර්ශන මෙතැනින් බලන්න: 👇













0 Comments