ශ්‍රී ලංකාව පුරා පසුගිය දති කිහිපය පුරා පැවති දැඩි උෂ්ණාධික කාලගුණ තත්ත්වය අද (21) සිට ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ජනතාව පීඩාවට පත් කළ උණුසුම් කාලගුණය වෙනුවට, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දහවල් 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඔවුන් නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වේ. මෙය වගා කටයුතු වල නිරත ගොවි ජනතාවට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද මහත් අස්වැසිල්ලක් වනු ඇත.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තද වැසි ඇති විය හැකි බව අනාවැකි පල කර ඇත. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වඩා වැඩි තද වැසි ඇති විය හැකිය. මේ අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දන්වා සිටියි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එළිමහනේ රැඳී සිටීමෙන් වැළකී සිටීම, විදුලි උපකරණ භාවිතය අවම කිරීම සහ උසස් ගස් හෝ විදුලි කණු අසල නොසිටීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය කිරීම වැදගත්ය. පසුගිය දිනවල පැවති ඉහළ උෂ්ණත්වය හේතුවෙන් ඇති වූ සෞඛ්‍ය ගැටලු ද වැසි ලැබීමත් සමඟ ක්‍රමයෙන් අඩු වනු ඇතැයි සෞඛ්‍ය අංශ ද අපේක්ෂා කරයි.
කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ වුව ද, අපේ රටේ කාලගුණය යහපත් අතට හැරීම ජනතාවට ලොකු සැනසීමකි. ඉදිරි දින කිහිපය තුළදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි ලැබෙනු ඇති බවත්, එමගින් පවතින වියළි කාලගුණය නිමාවට පත් වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
අද දින ලැබෙන වැස්ස ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ ප්‍රදේශයටත් වැසි ලැබුණාද? ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. අලුත්ම කාලගුණ තොරතුරු එසැණින් දැනගන්න නිරතුරුවම අපේ වෙබ් අඩවිය සමඟ රැඳී සිටින්න. මෙම සුබ පුවත මිතුරන් අතර Share කර ඔවුන්වත් දැනුවත් කරන්න.












0 Comments