බහරේන් වලට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් අනතුරුව, ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) අබුඩාබි හි පිහිටි AWS (Amazon Web Services) දත්ත මධ්‍යස්ථාන ඉලක්ක කරමින් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරය නිසා එම මධ්‍යස්ථානයේ දෘඩාංග (Server Racks) වලට විශාල හානි සිදුව ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු වේ.
UAE යනු කලාපයේ ප්‍රධාන මූල්‍ය සහ තාක්ෂණික මධ්‍යස්ථානය වන බැවින්, මෙම ප්‍රහාරය නිසා ලොව පුරා ගුවන් ගමන් පාලන පද්ධති, බැංකු ගනුදෙනු සහ ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලවල වේගය අඩාල වී ඇත.
විශේෂඥයන් පවසන්නේ මෙය ඊශ්‍රායලයට උදව් කරන රටවලට ඉරානය විසින් ලබාදෙන දරුණු අනතුරු ඇඟවීමක් බවයි.
ඇමරිකානු යුද නැව් මේ වන විටත් UAE මුහුදු සීමාව දෙසට ගමන් කරමින් සිටින්නේ වැඩිදුර ප්‍රහාර වැළැක්වීමේ අරමුණෙනි.













0 Comments