ඉරාන රජය සතු බැලස්ටික් මිසයිල වැඩසටහන දැන් කලාපීය ආරක්ෂාව ඉක්මවා ගෝලීය තර්ජනයක් දක්වා වර්ධනය වී තිබේ.
අද දින ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය නිකුත් කළ අලුත්ම සිතියම් වලට අනුව, ඉරානයේ Khorramshahr, Sejjil සහ Emad වැනි මිසයිල වලට කිලෝමීටර් 2,000 සිට 3,000 දක්වා දුරක් පියාසර කිරීමේ හැකියාව ඇත.
මෙහි අදහස වන්නේ ග්‍රීසිය, බල්ගේරියාව, රුමේනියාව පමණක් නොව, ඉතාලියේ රෝමය සහ ජර්මනියේ බර්ලින් වැනි යුරෝපීය අගනුවරවල් පවා දැන් ඉරාන මිසයිල පරාසය තුළ පවතින බවයි.
ඉරාන පාලනය විසින් දිගින් දිගටම සිදුකරන මෙම අවි අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික වැඩසටහන නිසා ලෝක සාමය බරපතල අර්බුදයකට ලක්ව ඇත.
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් දියත් කළ "Operation Epic Fury" මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් වන්නේ ද ඉරානයේ මෙම මාරක මිසයිල අවි ගබඩාව විනාශ කර ලෝකය ආරක්ෂා කිරීමයි.













0 Comments